ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරිම සඳහා වන නේවාසික පුහුණු වැඩමුළුව - ඌව පළාත

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව UNDP (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) ආයතනයේ JURE ව්‍යාපෘතියේ මූල්‍යමය දායකත්වය ඇතිව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩසටහන් පවත්වනු ලබයි. “ශ්‍රී ලංකාව අල්ලස දූෂණයෙන් තොර දේශයක් කරමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන් පවත්වනු ලබන අතර, එහි අටවන වැඩසටහන ඌව පළාත කේන්ද්‍රීයව සාර්ථකව පවත්වන ලදී. ඒ අනුව මෙම වැඩසටහන් මාලාවේ වැඩසටහන් 08 ක් මේ වන විට අවසන් කර ඇත.

මෙම නේවාසික පුහුණු වැඩසටහන රාජ්‍ය සේවයේ සුපිළිපන්නභාවය නංවාලමින්, ශ්‍රී ලංකාව අල්ලසින් හා දූෂණයෙන් තොර දේශයක් කරා ගෙන යාමේ අරමුණින් පවත්වනු ලබන අතර, මෙමගින් පුහුණුව ලබන පුහුණුකරුවන් (ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන් හා අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්) විසින් ස්වකීය කොට්ඨාසයන් තුළ, මෙම සංකල්පය යටතේ වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂිත ය.

ඌව පළාතේ පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වන නේවාසික පුහුණු වැඩමුළුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු කොමසාරිස් කේ.බර්නාඩ් රාජපක්ෂ මැතිතුමා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.වයි.ආර්.කේ.උඩවෙල මැතිණියගේ සහ අධ්‍යක්ෂ (පාලන) රමිත අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 10 සිට 12 දක්වා නුවරඑළිය අරලිය ග්‍රීන් හිල්ස් හෝටලයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, එම්. එල්. ගම්මම්පිල මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, නීතීඥ ජගත් ලියනාරච්චි මහතා, උපදේශක සහ වෘත්තීය පුහුණුකරු, මාලික අමරසේකර මහතා යන අය සම්පත් දායකත්වය සපයන ලදී. දූෂණ නිවාරණ නිලධාරිනී එම්. ඒ. ආර්. දිල්ශානි මහත්මිය ඌව පළාත් සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලැබීය.

තව ද, මෙම වැඩමුළුවට මොණරාගල දිස්ත්‍රික් ලේකම්, බදුල්ල දිස්ත්‍රික් ලේකම්, ඌව පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සහ ඌව පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ.

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

0611 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search