ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා පැවති නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දූෂණ අකටයුතුකම් අවම කරමින් සුපිළිපන්න සමාජයක් බිහිකරනු වස් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කරනු ලබන නිවාරණ වැඩසටහන් මාලාවේ ප්‍රධාන නිවාරණ වැඩසටහනක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා 2024.02.09 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකීය ගොවිජන සමාජයේ තිරසාර සංවර්ධනය උදෙසා කටයුතු කරන ප්‍රමුඛත ම රාජ්‍ය ආයතනය වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මෙරටින් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය මෙලෙස ලබා දීම අගය කළ යුතු කරුණකි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන නිපුනි තෙන්නකෝන් මෙනවිය, මධූකා රුවන්ති මහත්මිය සහ ඉෂානි විජේසූරිය මහත්මිය විසින් මෙම නිවාරණ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

0216 1

0216 1

0216 1

0216 1

0216 1

0216 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search