මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව රාජ්‍ය අංශයේ නිළධාරින්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් උදෙසා පැවැත් වූ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2024 ජනවාරි මස 20 වන දින පැවැත්වීය. මෙම වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාතර, ගාල්ල, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි සේවය කරනු ලබන නිලධාරීන් අරභයා මාතර, ශනායා මොටෙල්හි දී පැවැත්විණි.

අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් අදාළ වන නීතිමය ප්‍රතිපාදනයන්, ධනාත්මක චින්තනය තුළින් සුපිළිපන්න රාජ්‍ය සේවයක් බිහිකිරීම සහ සුපිළිපන්නභාවයේ හරයාත්මකබාවය වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර පරිචයක් තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය පිළිබදව දූෂණ සංජානන දර්ශකය ඇසුරෙන් යන තේමාවන් ඔස්සේ මෙම එක්දින වැඩමුළුව පවත්වන ලදි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන යුක්තිය සදහා සහය ව්‍යාපෘතිය (JURE) යටතේ මෙම වැඩමුළුව සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදුනි. වැඩමුළුවේ ආරාධිත දේශනය කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් සිදුකරනු ලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරීන්වන ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය සහ උදේශිකා මධුභාෂණී ජයසේකර මහත්මිය යන අය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

0214 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search