සුපිළිපන්න සමාජයක් පිහිටු වීමේ වැඩසටහන - “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු "

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු” මැයෙන් සුපිළිපන්න සමාජයක් පිහිටු වීමේ වැඩසටහන් රැසක් පවත්වන ලදි. එහි තවත් අදිරයන් කිහිපයක් ලෙස, බදුල්ල ධර්මදූත විද්‍යාලය, විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, සුජාතා මහා විද්‍යාලය, ඌව මහා විද්‍යාලය, ධම්මානන්ද මහා විද්‍යාලය, උදයරාජ මහා විද්‍යාලය, විශාකා බාලිකා මහා විද්‍යාලය හා රාහුල මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 250ක්, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, තලාව මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 250ක් සහ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, ජනාධිපති බාලිකා විද්‍යාලය, කොතලාවල මහා විද්‍යාලය, ලක්දාස් විද්‍යාලය, නිශ්ශංක මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 250ක් සඳහා වැඩසටහන් පවත්වන ලදී.

සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සහ එහි ප්‍රායෝගික භාවිතය, නායකත්ව ගුණාංග, සුපිළිපන්න කමිටු පිහිටුවීම පිලිබඳ විග්‍රහයක් සිදු කිරීම සහ හැකියා ප්‍රදර්ශනය ඔප් නැංවීම මගින් දරුවන්ගේ සුපිළිපන්භාවය හා නායකත්වය වර්ධනය සහ අදාළ සංකල්ප කාවැද්දවීම යන අරමුණු මූලික කොට ගනිමින් මෙම වැඩසටහන් මෙහෙයවන ලදී.

මෙම වැඩසටහන් පිළිවෙලින් 2023 දෙසැම්බර් මස 15, 19, 20 යන දිනයන්හි දී බදුල්ල හෙරිටේජ් හෝටලයේ දී, අනුරාධපුර CTC හෝටලයේ දී සහ කුරුණෑගල අස්ලිය හෝටලයේ දී පවත්වන ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජූරේ වැඩසටහන (JURE) මගින් මෙම වැඩමුළු සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදෙන ලදි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ, සම්පත් දායකත්වය කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසූරිය මෙනවිය, දූෂණ නිවාරණ නිලධාරී රුෂාන්ති දිල්ෂානි මෙනවිය, දූෂණ නිවාරණ නිලධාරී ශමිමි ශ්‍රීලාල් මහතා හා දූෂණ නිවාරණ නිලධාරී මධුකා රුවන්ති මහත්මිය සහභාගි වූ අතර තාක්ෂණික සහය විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් ලබා දෙන ලදී.

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

31 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search