ශ්‍රී ලංකා ‍ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉහළ කලමණාකරණ කාර්ය මණ්ඩලය සඳහා පවත්වන දූෂණ නිවාරණ වැඩසටහන් මාලාව

වෘත්තීය ආචාරධර්ම මෙරට තුල ප්රවර්ධනය කිරීමත් මෑතක දී ක්රියාවට නංවන ලද 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පිලිබඳ ව දැනුවත් කිරීමත් අරමුණු කර ගනිමින් දෙදින නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්වැල් බැඳ ගනිමින් පවත්වන්නට යෙදුනි.

1962 වසරේ සිට අප දේශයට සේවා සපයන රජයට අයත් විශාලත ම ඛනිජ තෙල් සමාගම තුල සුපිලිපන්නබව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පවත්වන වැඩසටහන් මාලාවක ආරම්භය සනිටුහන් කරමින් 2023 වසරේ දෙසැම්බර් 12 වන දින සිපෙට්කෝ සමාගම් ප්රධාන ශ්රවනාගාරයේ දී මෙම නිවාරණ වැඩසටහන පැවැත්වුණි. මහජනතාවට අත්යවශ්ය සේවා සැපයීමේ දී සිපෙට්කෝ සමාගම විසින් ඉටු කරනු ලබන අතිශය වැදගත් කාරයභාරය හඳුනා ගනිමින්, වඩාත් ඉහළ ජනතා කේන්ද්රීය සේවාවක් ලබා දීම වෙනුවෙන් වූ ඔවුන් ගේ කැපවීම තව දුරටත් සවිමත් කිරීම ඉලක්ක කොට මෙම වැඩසටහන පවත්වන ලදි.

අල්ලස හා දූෂණය වැලැක්වීම සඳහා ගතයුතු උපායමාර්ග පිලිබඳ දේශන නිවාරණ නිලධාරීන් විසින් වෙනත් රටවල සිදු වීම් උදාහරණයට ගනිමින් පැවැත්වුහ. සැසියේ දෙවන දින වූ දෙසැම්බර් 13 වන දින ද සිපෙට්කෝ සමාගම් ප්රාදේශීය කලමණාකරුවන් හා විධායක නිලධාරීන් ගේ සක්රිය සහභාගීත්වය සහිත ව වැඩසටහන සාර්ථක ව පැවැත්විණි.

බෙහෙවින් ධනාත්මක ප්රතිචාර හා ඉහළ ප්රසංශාවක් ලද මෙම වැඩහටහන, සිය සෙසු කාර්ය මණ්ඩලය සඳහා ද මෙවැනි නිවාරණ වැඩහටහන් පැවැත්වීමට ඔවුන් පෙළඹවීම සිදු කර ඇත. දෙදිනක් පුරා පැවති හරවත් දේශන සඳහා සම්පත්දායකත්වය කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය සමගින් සම්පත් ආරච්චිගේ, නිපුනි තෙන්නකෝන්, රුෂාන්ති දිල්ෂානි හා ශිලාමේඝ වැලිතොටගේ යන නිවාරණ නිලධාරීන් විසින් ලබා දුන්හ.

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search