තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම අරමුණු කරගනිමින් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 122 දෙනෙකු සඳහා නිවාරණ වැඩසටහනක් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

මෙහි දී නව දූෂණ විරෝධී පනත හා අල්ලස, දූෂණයට අදාළ නීතිමය ප්‍රතිපාදනයන් පිළිබඳ සිද්ධි අධ්‍යනයන් ඔස්සේ වඩාත් සුපැහැදිලි අවබෝධයක් සමගින් සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය, දූෂණ සංජානන දර්ශකය සහ රාජ්‍ය සේවකයන් ලෙස අප සතු කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලදි. 2023 දෙසැම්බර් මස 19 වන දින පැවැති මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරී ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් ලබා දෙන ලදී.

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

0126 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search