ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වන නේවාසික පුහුණු වැඩමුළු උතුරු පළාත, වයඹ පළාත 2023

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහයෝගය ද ඇතිව “අල්ලසින් තොර සුපිළිපන් දේශයක් බිහි කරමු” මැයෙන් ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වන නේවාසික පුහුණු වැඩමුළුවේ පස්වන වැඩසටහන උතුරු පළාත සහ සයවන වැඩමුළුව වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථකව පවත්වන ලද අතර, ඒ අනුව, මේ වන විට පළාත් 06ක් ආවරණය කරමින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කර ඇත.

සුපිළිපන්න රාජ්‍ය සේවයක් තුළින් සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගනිමින් සිදු කරනු ලබන මෙම තෙදින නේවාසික පුහුණු වැඩමුළු ඔස්සේ, පුහුණුකරුවන් (ප්‍රාදේශීය ලේකම්වරුන්/සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්) මගින් තම කොට්ඨාසය තුළ මෙම වැඩසටහන් සිදු කිරීම අපේක්ෂා කරනු ලබන අතර ඒ තුළින් සමස්ත දිවයින පුරා ම අල්ලසින් හා දූෂණයෙන් තොර සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ යාන්ත්‍රණය වඩාත් සක්‍රීය කිරීම අපේක්ෂා කෙරේ.

උතුරු පළාත් පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වූ නේවාසික පුහුණු වැඩමුළුව නොවැම්බර් මස 25 සිට 27 දක්වා යාපනය, නෝර්ත් ගේට් හෝටලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් M.Y.R.K. උඩවෙල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මෙනෙවිය හා සහකාර අධ්‍යක්‍ෂ (නීති) එස්.එම්. සබ්‍රි මහතා, නීතිඥ ජගත් ලියනාරච්චි මහතා , ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශක ගෞරිදාසන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා, යාපනය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හා දර්ශනය දෙපාර්තමේන්තුවේ ආචාර්ය ගජවින්දන් මහතා යන අය විසින් ලබා දුන් අතර මෙහි සම්බන්ධීකරණය දූෂණ නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මිය විසින් සිදු කරන ලදී.

වයඹ පළාත් පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වූ නේවාසික පුහුණු වැඩමුළුව දෙසැම්බර් මස 01 සිට 03 දින දක්වා දඹුල්ල, ඔක්සිඩන්ටල් පැරඩයිස් හෝටලයේ දී පැවැත්විණි. මෙම වැඩමුළුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමන්ගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් M.Y.R.K. උඩවෙල මහත්මිය යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මෙනෙවිය, නීතිඥ ජගත් ලියනාරච්චි මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, වෘත්තීය පුහුණුකරු සහ උපදේශක නීතීඥ මාලික අමරසේකර මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන අමාත්‍යංශ අතිරේක ලේකම් එම්.එල්.ගම්මම්පිල මහතා විසින් ලබා දුනි. මෙම වැඩමුළුව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්, වයඹ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සහ වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී විය. මෙම වැඩමුළුවේ සම්බන්ධීකරණ කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ටී.එම්.එන්.කේ.තෙන්නකෝන් මෙනවිය විසින් සිදු කරන ලදී.

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

23 17 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search