දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව පත්වීම් ලද සහකාර කොමසාරිස්වරුන් සඳහා පවත්වන ලද නිවාරණ වැඩසටහන - 2024.01.19

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව පත්වීම් ලද සහකාර කොමසාරිස්වරු 57 දෙනෙකු සඳහා 2024 ජනවාරි මස 19 වන දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙහි දී නව දූෂණ විරෝධී පනත හා අල්ලස, දූෂණයට අදාළ නීතිමය ප්‍රතිපාදනයන් පිළිබඳවත්, සුපිළිපන්නභාවයෙන් යුතු රාජ්‍ය සේවය පිළිබඳවත්, රාජ්‍ය සේවකයන් සතු විය යුතු වගකීම් හා වගවීම් පිළිබඳවත් සිද්ධි අධ්‍යනයන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද යොදා ගනිමින් දැනුවත් කිරීම සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී මධූකා රුවන්ති මහත්මිය විසින් ලබා දෙන ලදි.

0122 1

0122 1

0122 1

0122 1

0122 1

0122 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search