ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට නඩු

කන්තලේ සීනි කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා එහි මුළු ඉඩම් ප්‍රමාණයත් ගොඩනැගිලි සමඟ යන්ත්‍රෝපකරණ බාධාවකින් තොරව ලබාදීමේ කාර්යය සඳහා ඉන්දියානු ජාතිකයෙකු වූ කොටගරලාහල්ලි පෙදප්පයියා නාගරාජා යන අයගෙන් රුපියල් මිලියන 20 ක තුටු පඩුරක් අයදීම හා භාරගැනීම හේතුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අයට විරුද්ධව ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේදී නඩු අංක 01/04/2019 යටතේ 2019.06.20 දින නඩු පවරා ඇත. මෙම නඩුව ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ අංක 01 හි 2019.07.08 දින කැඳවීමට නියමිතය.

 

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search