2022 සැප්තැම්බර් මස 22 වන දින නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය ගම්පහ පරිශ්‍රයේ පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී. මෙම පැමිණිලි පෙට්ටිය මගින් මහජනතාවට තම පැමිණිලි ඒ වෙත යොමු කිරීමට හැකියාව ඇත.මෙහිදී ඔබගේ පැමිණිල්ල සාක්ෂි සහිතව නාමිකව හෝ නිර්නාමිකව ඉදිරිපත් කල හැක. ශ්‍රී ලංකාව සුපිලිපන්න දේශයක් කරා යන ගමනේදී ඔබේ දායකත්වය ඒ සඳහා ලබා දිමට නොපමාව කටයුතු කරන්න. මේ අවස්ථාවට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් දූෂණ නිවාරණ නිලධාරී ශිලමේඝ වැලිතොටගේ මයා හා ශම්මි ශ්‍රී ලාල් තොටවත්ත මයා සහභාගී විය.