2022 ජනවාරි මස 04 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. ඉදිරියේදී එම ආයතනය තුල පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කිරීමට යෝජිත වන අතර මහජනතාවට තම පැමිණිලි ඒ සඳහා යොමු කිරීමට ඒ ඔස්සේ අවකාශය සැලසෙනු ඇත.