සාර්ථක ව නිම කල දූෂණ විරෝධී ස්ටිකර ඇලවීමේ වැඩසටහනින් පසු ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක්

අල්ලස හා දූෂණය මැඩලීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දරනු ලබන අඛණ්ඩ ප්‍රයත්නයන් අතර, එවැනි සිදුවීම් පැමිණිලි කිරීම සඳහා මහජනතාව දිරි ගැන්වීමේ වැසටහනක් වසර 2023 මැද භාගයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ස්ටිකර මහජනතාව නිතර වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන, විශේෂයෙන් ම දුම්රිය ස්ථාන හා විවිධ නගර, උපායශීලීව ඉලක්ක කර ගනිමින් ඇලවීම ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර මහනුවර, අනුරාධපුර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් දෙසම්බර් මාසයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් අවසන් කරන ලදි.

මෑතක යාපනයේ දී අවසන් කල ස්ටිකර ඇලවීමේ වැඩසටහනෙහි ඉහළ සාර්ථකත්වයක්, එම ප්‍රදේශයේ ජනතාවගේ සක්‍රීය දායකත්වය හා සහයෝගය හේතුවෙන් දැක ගත හැකිවිය. බස්රථ තුල, ත්‍රී රෝද රථ පසුපස හා ම‍ාළු-එළවළු වෙළඳපොලෙහි ඇස ගැටෙන ස්ථානවල කාගේත් ප්‍රසංශාව දිනා ගනිමින් මෙම ස්ටිකර ඇලවීම සිදු කෙරිණි.

එසේ ම, හිමිදිරි උදෑසන යාල් දේවි දුම්රියෙන් පැමිණ යාපනය බස් නැවතුම හා කුලි රථ නැවතුම දක්වා ගමන් කරන මගීන් ආවරණය කෙරිනි. මීට අමතර ව, තිරුනල්වේලි වෙළඳපොල, ගුරුනගර් මාළු වෙළඳ සැල, හා නල්ලූර් කෝවිල අවට ප්‍රදේශයේ ද මෙම ස්ටිකර ඇලවීම සිදු කල අතර ඒ සෑම ස්ථානයක දී ම ජනතාව ගේ ඉමහත් ප්‍රසංශාවට පාත්‍රවිය. මහජනතාවට පහසුවෙන් ප්‍රවේශවිය හැකි ප්‍රදේශවල ස්ටිකර බෙදා හැරීම තහවුරු කර ගැනීම සඳහා සවස් වරුවේ දී ශ්‍රී ලංකාවේ උතුරුදිග ප්‍රදේශය වන පේදුරු තුඩුව ඉලක්ක කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

පසුගිය මාස 3 ක කාලය තුල කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිලි සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා වී ඇති අතර ඉන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන්වල බලපෑම ප්‍රමාණාත්මක ව පෙන්නුම් කරයි. ඔක්තෝම්බර් මාසයේ දී පැමිණිලි 383 ක් ද, නොවැම්බර් මාසයේ දී පැමිණිලි 238 ක් ද ලැබී ඇති අතර දෙසැම්බර් මාසයේ දී පැමිණිලි 427 ක් ලැබෙමින් එම සංඛ්‍යාවේ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කල අතර වසර අවසාන වන විට ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 3,431ක් වශයෙන් සටහන් කරන ලදි. මෙය 2022 වසරේ ලද පැමිණිලි සංඛ්‍යාව හා සසඳන කල 26% ක වර්ධනයකි.

ගාල්ල, මහනුවර, අනුරාධපුර හා යාපනය යන මර්මස්ථාන ප්‍රදේශයන්හී දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීමේ දී ශිලාමේඝ වැලිතොටගේ මහතා සහ සම්පත් ආරච්චිගේ මහතා යන නිවාරණ නිලධාරීන් දූෂණ නිවාරණ ඒකකයේ සහය ඇති ව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකලහ. ඔවුන් ගේ සාමූහික ප්‍රයත්නය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහාත්, ජනතාව තුල වූ දැනුවත්බව ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරමින්, ඉන් අනතුරු ව ලැද පැමිණිලි සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළ යාමක් දැකීමටත් දායක වී ඇත.

දුම්රිය ස්ථානවල දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැසටසටහනෙහි JURE ව්‍යාපෘතිය හා යුරෝපීය ප්‍රජාව සමග සහයෝගිත්වයෙන් සිදු කරන ලදි.

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

08 1

 

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search