මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මාතර සර්වේසියස් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයින් 130 දෙනෙකු සඳහා අල්ලස හා දූෂණය පිලිබඳ දැනුවත් කිරීමේ දෙදින නායකත්ව පුහුණු වැඩසටහනක් 2023-03-31 හා 2023-04-01 යන දිනයන්හී එම විදුහල් ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි. මෙම පුහුණු වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සුනේත්‍රා ජයසිංහ මහත්මිය ගේ අධීක්ෂණය යටතේ සිදු කල අතර ඒ සඳහා සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල්, තනූජා බණ්ඩාර මෙනවිය, සහකාර අධ්‍යක්ෂ (නීති) ගයාන් මාදුවගේ මහතා, නිවාරණ නිලධාරිනී එන්. විමුක්ති ජයසූරිය මෙනවිය, නිවාරණ නිලධාරි ෂම්මි ශ්‍රීලාල් මහතා සහ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය සම්පත් දායකත්වය ලබා දුන්හ. එමෙන් ම, ඩිජිටල් වෝහාරික ඒකකයේ විමර්ශන නිලධාරී, පී. ඩී. ප්‍රදීප් අමරජීව මහතා විසින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පරිඝනක තාක්ෂණික සහය සපයන ලදි.

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search