අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 31,680/- ක් වටිනා KDK සිවිලින් විදුලි පංකාවක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන අඩවි වන නිලධාරියකු 2022.12.23 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.