සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාර සහකාර ලෙස සේවයේ යෙදී සිටි නිලධාරියෙකු, විශේෂඥ වෛද්‍යවරයකුගේ විදේශ නිවාඩු කාලයට අදාළ වැටුප සකස් කර දීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් රුපියල් 20,000/= ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු පවරන ලද අතර, චූදිත චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා 4 ටම වරද පිළිගෙන ඇත. එක් චෝදනාවකට මාස 6 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකර, එය අවුරුදු 5 ක කාලයක් සඳහා අත්හිටුවන ලදී. එමෙන්ම එක් චෝදනාවක් සඳහා රු.5000/= බැගින් චෝදනා 04 සඳහා රු.20,000/= ක දඩ මුදලක් ද, එය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් මාස 04 ක සිර දඬුවම් ද නියම කරන ලදී. තවද අල්ලස් ලෙස අයදින ලද රු.20,000/= ක මුදල දණ්ඩනයක් ලෙස ගෙවීමට නියම කර ඇත. කොළඹ මහාධිකරණ අංක 05 හි ගරු විනිසුරු මංජුල තිලකරත්න මැතිතුමා විසින් 2021.03.23 දින මෙම තීන්දුව දෙන ලදී.
නවතම පුවත්
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
මැයි 19 2024
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ ස්ථාපනය කෙරේ
මැයි 08 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනිසිටිමින් රු. කෝටියක (රු.10,000,000) අල්ලස් ලබාගැනීම සම්බන්ඳව සැකකරුවන් හතර (04) දෙනෙකු අත්අඩංගුවට
අප්‍රේල් 30 2024
රුපියල් 5,000/= ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ක්වාසි විනිසුරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 26 2024