අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනිසිටිමින් රු. කෝටියක (රු.10,000,000) අල්ලස් ලබාගැනීම සම්බන්ඳව සැකකරුවන් හතර (04) දෙනෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරු විසින් බලාගන්නා නිවස පරීක්ෂාකර, පැමිණිලිකරුට අයත් රු. එක්කෝටි විසි ලක්ෂයක (රු.12,000,000) ක හා ඩොලර් තුන්දහස් පන්සියයක (3,500)ක මුදලක් (පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව දන්වා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස සඳහන් කරමින් රැගෙන ගොස් ඇත. පසුව පැමිණ එම නිවසේ සේවයට සිටි ඉන්දියන් ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් පසුව පැමිණිලිකරුගේ දුරකතනයට ඇමතුම් ලබා ගෙන ඔහුට විරුද්ධ විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබා දීමට රුපියල් කෝටි 04ක් අල්ලස් වශයෙන් ඉල්ලා අදාළ මුදල රුපියල් කෝටි 3 ½ක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක (රු.10,000,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ඳව සැකකරුවන් තිදෙනෙකු හා එක් සැකකාරියක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2024.04.29 වන දින ප.ව. 3.30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search