ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් රජයට මූල්‍ය පාඩු සිදු කිරීම

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙත ලැබීමෙන් පසු ඉන් වාහන 156ක් පිළිබඳව නිශ්චිත තොරතුරු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගන්නා ලදී.

මෙම බොහෝමයක් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට ඇතුළත්වන අතර ඒවා ශ්‍රී ලංකා රේගුවේ නිසි ආකාරයට නිශ්කාශනය නොවීමෙන් රජයට අයවිය යුතු විශාල බදු ප්‍රමාණයක් අහිමි වීම මෙන්ම වසර ගණනාවක් ප්‍රමාද වී, ව්‍යාජ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් එම කාලයට අදාළව ද විශාල බදු මුදලක් රජයට අහිමි වී ඇත. ඒ අනුව, ඉහත වාහන අතරින් වාහන 07ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වර්තමාන අයිතිකරුවන්ගෙන් ලබා ගෙන ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙන ලෙස අධිකරණය විසින් නියෝග ලබාදීමෙන් අනතුරුව ඉන් වාහන 06ක් මේවන විට කොමිෂන් සභාව භාරයට ගෙන ඇත. අදාළ වාහන 06 අතරින් 05ක් මේ වන විට ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එමෙන්ම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකුද ඇතුලත්ව 07 දෙනෙකුට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සම්බන්ඳව නඩු පැවරීමටද කටයුතු කර ඇත. 

12456731

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search