මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ ස්ථාපනය කෙරේ

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 112 වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්වන වැරදි විමර්ශනය කිරීමේ වගකීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පවරා ඇත. එම වගකීම සහ දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ද කොමිෂන් සභාව වෙත පවරා ඇත. විශේෂයෙන්ම මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය යටතේ ශ්‍රී ලංකාව 2025 මාර්තු මාසයේදී මෙම කරුණු පිලිබඳ අන්‍යෝන්‍ය සමාලෝචනයකට ලක්වීමට නියමිතව ඇත. එමෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්වන විමර්ශන සහ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉස්මතු කොට ඇත. එම දේශීය සහ අන්තර්ජාතික අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මුදල් විශුද්ධිකරණය සඳහා වූ නවතම ඒකකයක් ස්ථාපිත කර ඇත. ඒ සඳහා දැනට කොමිෂන් සභාව තුළ සිටින නිලධාරීන් කීපදෙනෙක්ම නම් කර ඇති අතර, තවදුරටත් විශේඥ හැකියාවෙන් යුතු නිලධාරීන් ද බඳවා ගැනීමට කොමිෂන් සභාව අපේක්ෂා කර ඇත.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට පෙරාතුව වූ අල්ලස් පනත, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශන බලතල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දී නොතිබුණි. කෙසේ නමුත් එම කාලවකවානුව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් යොමු වූ පැමිණිලි ඊට අදාළ පැමිණිලි වෙනත් විමර්ශන ආයතන වෙත කොමිෂන් සභාව විසින් යොමු කිරීමට කටයුතු කරන ලදී. නමුත්, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීම 2023 සැප්තැම්බර් මස 15 වන දින සිට ආරම්භ වීමත් සමඟ මෙම මුදල් විශුද්ධිකරණ විමර්ශන අංශය කොමිෂන් සභාව තුළ ස්ථාපනය කිරීමත් සමඟ කොමිෂන් සභාව වෙත ලැබෙන සියලුම අල්ලස්, දූෂණ, වත්කම් සම්බන්ධයෙන් වන මුදල් විශුද්ධිකරණ විමර්ශනයන් කොමිෂන් සභාව විසින් විමර්ශන කිරීමට හා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමත් කොමිෂන් සභාව විසින් සිදු කිරීමට නියමිතය.

WhatsApp Image 2024 05 08 at 09.25.14

WhatsApp Image 2024 05 08 at 09.25.14

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search