පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ගෝ ඝාතකාගාරය අපහසුතාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය වාර්තා ලබාදීමට සහ ඔහු විසින් සිදුකරන පරීක්ෂා කිරීම් කටයුතු වලදී පැමිණිලිකරු විසින් සිදුකරන මස් වෙළදාම් කටයුතු වලට කිසිඳු කරදරයකින් තොරව කරගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 20,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ උඩුබැද්ද, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2021.01.12 වන දින අත් අඩංගුවට ගෙන ඇත.