අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රුපියල් 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලීමේ චෝදනාව මත, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ආණමඩුව අඩවි වන කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහකුඹුක්කඩවල ප්රදේශයේ බීට්ටු වන නිලධාරියකු 2021.10.12 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගනු ලැබීය.