අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කරනු ලබන සෞඛ්‍ය අංශයේ ආවරණය නොවූ හා වැඩි අවදානම් සහිත අංශයන් හඳුනාගෙන, පළාත් මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අල්ලස හා දූෂණය පිළිබඳ දැනුවත්භාවය හා ධාරිතා වර්ධනය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු වැඩමුළුව 2026.05.20 සහ 2026.05.21 යන දිනයන්හි දී වයඹ පළාත මුල් කරගනිමින් වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ, කළමණාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ගේ (පුහුණු) සම්බන්ධීකරණයෙන් වාරියපොළ, වයඹ පුහුණු ආයතනයේ දී සාර්ථකව පවත්වා අවසන් කරන ලදි. මේ සඳහා වයඹ පළාත නියෝජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 150 ක පමණ පිරිසක් සහභාගී වන ලදි.
මෙම වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අධ්‍යක්ෂ වී.සී.විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, දේශනයන් සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ, දූෂණ නිවාරණ නිලධාරීන් වන ෂම්මි ශ්‍රී ලාල් තොටවත්ත මහතා සහ ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් ලබා දෙන ලදි. එහි දී 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, සුපිළිපන්නභාවය, දූෂණ සංජානන දර්ශකය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් යන තේමාවන් ඔස්සේ දේශනයන් සිදු කරන ලදි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා වන මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ මධ්‍යම,සබරගමුව හා බස්නාහිර පළාත්වල වැඩමුළු මේ වසර තුළ ඉදිරි මාසයන්හි දී පැවැත්වීමට සැලසුම් කර ඇත.


















