නවක කම්කරු නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 2026 මැයි මස 08 දින කම්කරු මහ ලේකම් කාර්යාලයේ, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ දී සාර්ථකව පැවැත්වීය.
කම්කරු දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබූ මෙම නවක කම්කරු නිලධාරීන් අල්ලස හා දූෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවකයන් පිරිසක් ලෙස නිර්මාණය කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහනේ දී සුපිළිපන්නබාවය, දූෂණ සංජානන දර්ශකය, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ අල්ලස හා දූෂණය පිළිබඳ නීතිමය පසුබිම අල්ලස හා දූෂණහෙි විපාකයන් යන මාතෘකාවන් ඔස්සේ දේශනයන් පවත්වන ලදි.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා සහ ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් ලබා දෙන ලදි.















