යාපනය ආරක්ෂක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා පැවැත් වූ අල්ලස හා දූෂණ නිවාරණ වැඩසටහන

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයෙහි සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් 300 දෙනෙකු සඳහා දූෂණ විරෝධී පනතේ නීතිමය තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්, 2026 මැයි 13 වන දින එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

මෙම වැඩසටහනේදී අල්ලස හා දූෂණය වැළැක්වීමේ වැදගත්කම, නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන, රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ නීතිමය ප්‍රතිවිපාක පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රී ලාල් තොටවත්ත මහතා සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන මඟින් නීතියට ගරු කරන, වගකීමෙන් යුතු සහ සුපිළිපන්නභාවයෙන් කටයුතු කරන නිලධාරී පිරිසක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

23 1

23 1

23 1

23 1

23 1

23 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search