කිලිනොච්චිය, පළමුවන බලකායෙහි සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් 120 දෙනෙකු සඳහා දූෂණ විරෝධී පනතේ නීතිමය තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්, 2026 මැයි 12 වන දින එම බලකා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙම බලකායේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් මෙය සංවිධනය කර තිබුණි.
මෙම වැඩසටහනේදී අල්ලස හා දූෂණය වැළැක්වීමේ වැදගත්කම, නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන, රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ නීතිමය ප්‍රතිවිපාක පිළිබඳව නිලධාරීන් දැනුවත් කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රී ලාල් තොටවත්ත මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන මඟින් නීතියට ගරු කරන, වගකීමෙන් යුතු සහ සුපිළිපන්නභාවයෙන් කටයුතු කරන නිලධාරී පිරිසක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.














