ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාතර පිහිටි ශ්‍රවණාගාරයේදී 2026 මැයි 07 දින දූෂණ නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා විසින් ලබාදෙන ලදි. මෙය රාජ්‍ය ආයතන තුළ විනිවිදභාවය සහ දූෂණ විරෝධී සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන අඛණ්ඩ ක්‍රියාවලියේ කොටසකි.

මෙම වැඩසටහන මඟින් 2023 අංක 09 දූෂණ විරෝධී පනත, අල්ලස් හා දූෂණය සම්බන්ධ නව නීතිමය විධිවිධාන, රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව, සඵලදායී බව සහ වගකීම පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී. එමෙන්ම, ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

සැසිය තුළ රාජ්‍ය සේවාවේ අල්ලස් හා දූෂණය වැළැක්වීමේ වැදගත්කම පිළිබඳව නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට අවධානය යොමු කරන ලදී. සහභාගීවූවන්ට දූෂිත ක්‍රියා හඳුනා ගැනීම, නීතිමය ව්‍යුහය අවබෝධ කරගැනීම සහ වෘත්තීය කාර්යභාරය තුළ සුපිලිපන්න භාවයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදී.

21 1

21 1

21 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search