මධ්යම පරිසර අධිකාරියේ නිලධාරින් සදහා ධාරිතා පුහුණු වැඩසටහනක් පැවැත් වූ අතර ඒ සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ දේශනයක් මධ්යම පරිසර අධිකාරියේ ආරාධනයකට අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබිය. එම වැඩසටහන පසුගිය 2026 මැයි මස 8 වන දින පැවැත්වුණු අතර, අදාළ දේශනයට නිලධාරීන් 80 දෙනෙක් පමණ සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි චමෝදි ජයසිංහ මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී . මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතෙහි නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කරනු ලැබීය.
















