මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා දෙවන කළමනාකරණ මට්ටමේ නිලධාරීන් වෙත අල්ලස හා දූෂණය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මැයි මස 05 වන දින පැවැත්වුණි. මෙය 2026 පෙබරවාරි මස 27 දින පැවැති වැඩසටහනෙහි දෙවන වැඩසටහන ලෙස පැවැත් වුණි.

මෙම වැඩසටහනේ දී අල්ලස හා දූෂණ නිවාරණය, සුපිළිපන්නභාවය, රාජ්‍ය සේවයේ වගකීම් සහ නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ශම්මි ශ්‍රී ලාල් තොටවත්ත මහතා සහ විමුක්ති ජයසූරිය මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

තව ද මෙම අවස්ථාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ අධ්‍යක්ෂ (නිවාරණ) චන්දන විජේවර්ධන මහතා ද සහභාගී විය.

මෙම වැඩසටහන මඟින් රාජ්‍ය සේවය වඩාත් වගකීමෙන් හා විනිවිදභාවයෙන් ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

18 1

18 1

18 1

18 1

18 1

18 1

18 1

18 1

18 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search