විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් පසුගිය 2026 මැයි 24 වන දින පැවැත්වුණු අතර, එහිදී අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ දේශනයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දේශනයක් ද පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ශම්මි ශ්‍රී ලාල් තොටවත්ත මහතා සහ විමුක්ති ජයසූරිය මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම, එහි ප්‍රතිවිපාක, ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු, සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය සහ නව දූෂණ විරෝධී පනතේ නව විධිවිධාන පිළිබඳ නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.

එමඟින් රාජ්‍ය සේවය වගකීමෙන් හා සුපිළිපන්නභාවයෙන් යුතුව ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මෙම වැඩසටහන සමත් විය.

17 1

17 1

17 1

17 1

17 1

17 1

17 1

17 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search