මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබිය. එම වැඩසටහන පසුගිය 2026 පෙබරවාරි මස 20 වන දින මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්වුණු අතර එයට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමන් සහ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත නිලධාරීන් 78ක් පමණ සහභාගි විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ගරු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මැතිතුමන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු කොමසාරිස් නීතිඥ බර්නාඩ් රාජපක්ෂ මැතිතුමන් ද දූෂණ නිවාරණ නිලධාරි චමෝදි ජයසිංහ මහත්මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී . මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතෙහි නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කරනු ලැබීය.

15 1

15 1

15 1

15 1

15 1

15 1

15 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search