වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2026 පෙබරවාරි මස 12 වන දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර අභ්‍යන්තර කටයුතු ඒකකයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු 200ක් පමණ වන කාර්‍යය මණ්ඩලය ඒ සඳහා සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරි ශම්ම් ශ්‍රී ලාල් තොටවත්ත මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස හා දූෂණය යනු කුමක්ද, එය වැලැක්වීමට ගත හැකි පියවරයන් මොනවාද, එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් , සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳව මෙන්ම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.












