සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද අල්ලස හා දූෂණය නිවාරණය කිරීමේ වැඩසටහනක් , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මැතිතුමන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු සහ අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන්, සියලුම විධායක නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 2026 පෙබරවාරි මස 12 දින කොළඹ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන සංවිධානය සඳහා අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය මූලිකත්වය ගෙන තිබූ අතර, වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් අරච්චිගේ මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් 2023 අංක 09 දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන සහ සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

















