මෙම වැඩසටහන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද අතර, අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු සහ සියලුම විධායක නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහභාගී වූ අතර, අමාත්‍යංශයේ Duncan White ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන 2025 නොවෙම්බර් මස 4 සහ 21 දෙදින තුළ පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් අරච්චිගේ මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.මෙම වැඩසටහන තුලින් 2023 අංක 09 දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන සහ සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත්, අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්යභාරය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.








