දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවට අයත් නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 දෙසැම්බර් මස 12 දින එම ආයතනයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා ඇතුළු නිලධාරින් 115 දෙනෙකු පමණ සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.








