II පෙල ජේලර් සහ පුනරුත්ථාපන නිලධාරී තනතුරට උසස් කිරීමේ ලිඛිත තරඟ විභාගයෙන් සමත්, සුදුසුකම් සපුරා ඇති නිලධාරින් සඳහා II පෙල ජේලර් සහ පුනරුත්ථාපන නිලධාරි තනතුරට අදාළ මුලික පුහුණු පාඨමාලාව 2025 දෙසැම්බර් 08 වන දින සිට කොළඹ පිහිටි පැරණි පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී. සති තුනක කාලයක් තුළ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති මෙම පුහුණු වැඩසටහනේ 2025 දෙසැම්බර් 09 වන දින, අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ දේශනයක් ලෙස වෙන් කර තිබිණි.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මහතාත් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.








