සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් සඳහා වූ නිවාරණ වැඩසටහන

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 නොවැම්බර් මස 18 දින එහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා එම ආයතනයේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යක්‍ෂ ජනරාල් තුමාගේ මගපෙන්වීම යටතේ නිලධාරින් 40 දෙනෙකු පමණ සහභාගී වුනු අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දිවයින පුරා පිහිටි කාර්යාලවල නිලධාරින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ විය.

මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

102 1

102 1

102 1

102 1

102 1

102 1

102 1

102 1

102 1

102 1

102 1

102 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search