මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද අතර, අමාත්‍යංශයේ ප්‍රධානීන් සහ නිලධාරීන් එයට සහභාගී විය. අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන 2025 ඔක්තෝබර් මස 10 දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් අරච්චිගේ මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත්, 2023 අංක 09 දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් ,අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්යභාරය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.








