2025 නොවැම්බර් මස 13 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මාණ්ඩලික නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණය පිළිබඳ නිවාරණ වැඩසටහනක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ද සහභාගී වූ අතර, වැඩසටහන සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී ටී.එම්.නිපුනි කෝෂීලා තෙන්නකෝන් මෙනවිය සහ ශම්මි ශ්‍රී ලාල් මහතා මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වැඩසටහන් තුලින් අල්ලස දූෂණය යනු කුමක්ද, එය වැලැක්වීමට ගත හැකි පියවරයන් මොනවාද, එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳව ද, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පිළිබඳව ද දැනුවත් කිරීම සිදු කරන ලදී.








