කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 නොවැම්බර් මස 14 දින එම ආයතනයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඒ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් 35 දෙනෙකු පමණ සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරී එන්. විමුක්ති ජයසූරිය මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.








