2025 නොවැම්බර් මස 6 හා 7වන දින, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ දකුණු පළාත් නිලධාරීන් 150ක් දෙනෙකු බැගින් වූ නිලධාරීන් 300 දෙනෙකුට ආසන්න පිරිසක් සඳහා අල්ලස හා දූෂණය පිළිබඳ නිවාරණ වැඩසටහන් ද්විත්වයක් මාතර තැපැල් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන් සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්ච්ගේ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන් තුලින් අල්ලස දූෂණය යනු කුමක්ද, එය වැලැක්වීමට ගත හැකි පියවරයන් මොනවාද, එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳව ද, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පිළිබඳව ද දැනුවත් කිරීම සිදු කරන ලදී.












