කම්කරු දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කරනු ලබන නවක කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධරයන් 150 සඳහා වන සේවාරම්භක පුහුණු වැඩසටහන් මාලාවක් නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඉන් රජයේ රැකියාවක් සඳහා නවක නිලධාරින් ලෙස එකතු වන නිලධාරින් සඳහා අල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ලබා දීමට 2025 ඔක්තෝම්බර් මස 14 දින වෙන් කෙරිණි.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්චිගේ මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.








