ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සඳහා වන අල්ලස් හා දුෂණය නිවාරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරෙහි අවසන් වැඩසටහන 2025 සැප්තැම්බර් මස 30 වන දින ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම් ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතයේ ආරක්ෂක අංශයේ නිලධාරින් 80ක පමණ ප්‍රමාණයක් සහභාගී වීය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසුරිය මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම ඇතුළුව 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නබාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.


















