සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වන අල්ලස් හා දුෂණය පිළිබද නිවාරණ වැඩසටහන

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයය මගින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වන අල්ලස් හා දුෂණය පිළිබද නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 11 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන් 70 ක් පමණ ප්‍රමාණයක් සහභාගී වීය.

මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය සහ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අභ්‍යන්තර කටයුතු ඒකක වල කාර්යභාරය, අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම ඇතුළුව 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.

86 1

86 1

86 1

86 1

86 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search