ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 සැප්තැම්බර් මස 17 දින ලෝක වෙළඳ මධ්‍යස්තානයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ආයෝජන මණ්ඩලයේ මධ්‍යම කළමනාකරණ ශ්‍රේණියේ නිලධාරින් 50 දෙනෙකු පමණ සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී T.W.K. එරංගා මධුෂි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.













