වීරකැටිය සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා 2025 අගෝස්තු මස 14 වන දින පැවැත් වූ නිවාරණ වැඩසටහන ඉතා සාර්ථක අයුරින් නිමා විය. නිලධාරීන් 400 කට පමණ ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර, වැඩසටහන ප්‍රාදේශීය කාර්යාලයන් හි දී පැවැත්වුණි.
අල්ලස දූෂණය වැළැක්වීම, සුපිළිපන්නභාවය, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත සහ අල්ලස සහ දූෂණයෙහි විපාකයන් යන තේමාවන් ඔස්සේ වැඩසටහන් මෙහෙය වූ අතර, මෙම වැඩසටහන් සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන එරංගා මධුෂි මිය සහ සම්පත් ආරච්චිගේ මහතා විසින් ලබා දෙන ලදි.
























