වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ දූෂණ නිවාරණ වැඩසටහන

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධ වැඩසටහනක් 2025 අගෝස්තු මස 26 යන දින සාර්ථකව නිමාවට පත් විය. නිලධාරීන් 120කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

අල්ලස දූෂණය වැළැක්වීම, සුපිළිපන්නභාවය, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත සහ අල්ලස සහ දූෂණයෙහි විපාකයන් යන තේමාවන් ඔස්සේ වැඩසටහන් මෙහෙය වූ අතර, මෙම වැඩසටහන් සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය සහ එන්.විමුක්ති ජයසූරිය මිය විසින් ලබා දෙන ලදි.

83 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search