විදුලිබල මණ්ඩලයේ (සබරගමුව පළාත) නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, විදුලිබල මණ්ඩලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබිය. පසුගිය 2025-07-30 සහ 31 යන දිනයන් හී දී විදුලිබල මණ්ඩලයේ (සබරගමුව පළාත) වෙනුවෙන් පුස්සැල්ල අධ්‍යාපන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතරම එයට නිලධාරීන් 118 කට ආසන්නව සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් තොටවත්ත මහතා සහ දූෂණ නිවාරණ නිලධාරි එරංගා මදුෂි මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.
















