අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් සඳහා වන අල්ලස් හා දුෂණය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2025 අගෝස්තු මස 06 වන දින ගාල්ල, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩල ශ්රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ නිලධාරීන් සියලුම දෙනා සහභාගී වු අතර, වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි චමෝදි ජයසිංහ මහත්මිය සහ එරංගා මධුෂි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්රකාශ කිරීම ඇතුළුව 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.












