ප්‍රධාන ලේකම් කාර්යාලයේ (වයඹ පළාත) නිලධාරීන් සඳහා වන අල්ලස් හා දුෂණය පිළිබද නිවාරණ වැඩසටහන

ප්‍රධාන ලේකම් කාර්යාලයේ (වයඹ පළාත) නිලධාරීන් සඳහා වන අල්ලස් හා දුෂණය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුලි මස 22 වන දින වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා වයඹ පළාතේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන් 500 ක් පමණ ප්‍රමාණයක් සහභාගී වීය.

මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම ඇතුළුව 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.

78 1

78 1

78 1

78 1

78 1

78 1

78 1

78 1

78 1

78 1

78 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search