අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් පවත්වනු ලැබූ තවත් සාර්ථක වැඩසටහනක් පසුගිය 2025 ජූලි මස 16 වන දින පැවැත්විණි. ඒ උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ය.මෙම වැඩසටහන පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් තොටවත්ත මහතා සහ නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන අල්ලස දූෂණය වැලැක්වීම , දූෂණ සංජානන දර්ශකය, අල්ලස හා දූෂණයෙහි පවතින ප්‍රතිවිපාක, සුපිළිපන්නභාවය යන සංකල්පය සහ නව දූෂණ විරෝධී පනත යන තේමාවන් ඔස්සේ සිදු කරන ලදී.



















