වත්තේගම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් සඳහා අල්ලස හා දූෂණය පිළිබඳව නිවාරණ වැඩසටහනක් 2025.07.24 දින කේන්ගල්ල මහවිද්යාලයේ ප්රධාන ශාලාවේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි තෙන්නකෝන් මෙනවිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.




















